29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා

සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා

දැනට ක්‍රියාත්මක සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

ඊයේ (25) රාත්‍රියේ පැවැති සිය සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද, දින 33 ක් ප්‍රමාද වී තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල දින 18 ක් තිස්සේ අඛණ්ඩව වසා දමා ඇතැයි, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසයි.

ඒ හේතුවෙන් මිනිස් දින බිලියන 3.9 ක් පමණ රටට අහිමි වී ඇති බවයි රාජ්‍ය අමාත‍යවරයා සඳහන් කරන්නේ.