28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුප්‍රසිද්ධ ඉන්දීය රංගන ශිල්පිනියගේ මල සිරුර හෝටල් කාමරයකින් හමුවෙයි

සුප්‍රසිද්ධ ඉන්දීය රංගන ශිල්පිනියගේ මල සිරුර හෝටල් කාමරයකින් හමුවෙයි

සුප්‍රසිද්ධ භෝජ්පූරි නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන ආකන්ක්ෂා ඩුබේගේ මළ සිරුර වරනාසි හි හෝටලයක තිබී අද (26) සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

25 හැවිරිදි ආකන්ක්ෂා සියදිවි නසාගෙන මිය ගිය බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඇයගේ මෘත ශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

රූගත කිරීමක් සඳහා ආකන්ක්ෂා, වරනාසි වෙත පැමිණ සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

“ප්‍රාථමික වාර්තාවෙන් පෙනී යන්නේ එය සියදිවි නසාගැනීමක් විය හැකි බවයි. නමුත් මරණයට හේතුව තහවුරු කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතෙක් අපට බලා සිටිය යුතුයි,” උසස් පොලිස් නිලධාරියෙක් ආකන්ක්ෂා ඩුබේගේ මරණ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.