23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභී පවුල් 500කට සාගලගෙන් සහන මළු

අඩු ආදායම්ලාභී පවුල් 500කට සාගලගෙන් සහන මළු

අවිස්සාවේල්ල නගරයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි සහන මළු ප්‍රදානය සිදු කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක විසින් සිදු කරනු ලැබීය.

ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කරගනිමින්, රටේ සෑම ක්ෂේත්‍රයක ම නව ප්‍රවර්ධනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ යටතේයි මෙම වියළි බඩු මලු බෙදා දී ඇත්තේ.

පෙරේදා (25) අවිසාවේල්ල, කොස්ගම උත්සව ශාලාවකදී මෙම උත්සවය පැවති අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සාගල රත්නායක කියා සිටියේ වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බංකොළොත් වූ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට ගත් උත්සාහයේ ප්‍රධාන අංගයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කළ බවයි.