― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅසරණ ජීවිත හතකට පණ දී අවසන් ගමන් ගිය විහඟනා

අසරණ ජීවිත හතකට පණ දී අවසන් ගමන් ගිය විහඟනා

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ නම් දැරියගේ අවයව 07ක් පුද්ගලයන් 07 දෙනෙකුට දන්දීම ගැන අපූරු පුවතක් වාර්තා වෙයි.

මෙම සුවිශේෂී සැත්කම පසුගියදා කොළඹ ජාතික රෝහලේදීයි සිදුකර ඇත්තේ.

ඒ අනුව මෙම දැරියගේ හදවත සහ පෙනහළු දෙක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට බද්ධ කර තිබේ. මෙම වෛද්‍යවරියගේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ඇය පසු වී තිබේ.

විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පාය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණි.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙක අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර ඇති අතර ඇයගේ අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

තවත් කිහිප දෙනෙකුටම නිරෝගීව ජීවත් වීමේ වරම් ලබාදෙමින් අවසන් ගමන් ගිය මෙම දැරිය අන් අයටද මහත් ආදර්ශයක් බව කිව යුතුමය.