30.6 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඇමති බන්දුලට හූ කියූ හන්දියට අලුත් නමක්

ඇමති බන්දුලට හූ කියූ හන්දියට අලුත් නමක්

හෝමාගම – පිටිපන මංසන්දිය අසළ මුල්ගලක් තැබීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට හූ කියා විරෝධය පළකළ සිදුවීමක් පසුගිය 23 වැනිදා වාර්තා වුණා.

එලෙස හූ කියා විරෝධය පලකල පුද්ගලයාට එරෙහිව අමාත්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සඳහන් කළේ ඇමතිවරයාගේ බලපෑම් මත තමන්ට එරෙහිව බොරු චෝදනා ගොනුකර අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.

මෙම සිදුවීමෙන් අනතුරුව බොරු චෝදනා මත පොලීසිය කටයුතු කිරීමට එරෙහිව විරෝධය පෑමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් හෝමාගම – පිටිපන හන්දිය ‘බන්දුල හූ කාපු හංදිය’ ලෙස නම්කර නාම පුවරුවක් මේ වනවිට එල්ලා තිබෙනවා.