29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන අලෙවි කිරීමට අලුත් සමාගම් තුනකට කැබිනට් මණ්ඩල අනුමැතිය

ඉන්ධන අලෙවි කිරීමට අලුත් සමාගම් තුනකට කැබිනට් මණ්ඩල අනුමැතිය

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට තවත් විදෙස් සමාගම් 3කට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150ක ඔවුන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන අතර අදාළ සමාගම් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ඉදිකිරීමට ද නියමිතයි.

එම සමාගම් සදහා වසර 20 ක බලපත්‍රයක් හිමිවෙන අතර එමගින් ඛනිජ තෙල් ආනයනය,ගබඩා කිරීම,බෙදා හැරීම සහ අලෙවි කිරීමට අවසර හිමිවනවා.