― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකාන්තාවන් රැවටූ කපුවා පොලිස් කතක් නිසා අත්අඩංගුවට

කාන්තාවන් රැවටූ කපුවා පොලිස් කතක් නිසා අත්අඩංගුවට

ආර්ථික ගැටළු සහ පවුල් ප්‍රශ්න සියල්ල දුරුකර දෙන බව පවසමින් ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා ඔවුන්ගෙන් රන් භාණ්ඩ සහ මුදල් ලබාගෙන මඟ හරිමින් සිටි කපුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අද (27) පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු උඩුනුවර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහනුවර රෝහලේ කණිෂ්ඨ රෝහල් සේවිකාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලක්ට අනුව කළ විමර්ශනයකින් පසු සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ. තම සැමියාගේ අසනීප තත්ත්වයන් හා අපල දුරුකර ගැනීම සඳහා තමන් රුපියල් පනස් දහසක් වටිනා රන් සුරයක් සමඟ මුදලින් රුපියල් දස දහසක් සැකකරුට ලබාදුන් බවයි කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

දේවාලය තුළ ජීවන් කරන ලද තෙල් විශේෂයක් සුරය තුළට දමා කඩිනමින් යළි ලබාදෙන බව පවසා ඇති මෙම කපුවා යළි එය ලබාදීම මඟහැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය, විදේශ ගතව සිට පැමිණි තැනැත්තියක් බව පවසමින් පොලිස් උපාය දූත කාන්තාවක් ලවා අදාළ කපුවාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී තමන් දෙවන වර විදේශ ගත වීමට උත්සාහ කිරීමේ දී ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒවා මඟ හරවා ගැනීම සඳහා කටයුතු කරදෙන ලෙසත් ඇය කපුවාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඇයගේ කාර්යය ඉටුකරදීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙන ලෙසයි සැකකාර කපුවා පවසා ඇත්තේ. එම මුදල ලබාගැනීම සඳහා පේරාදෙණියේ පිහිටි තම නිවසට එන ලෙස පොලිස් උපාය දූත කාන්තාව කළ දැනුම්දීමට අනුව කපුවා එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව එලෙස පැමිණි සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.