26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජ තෙල් සංස්ථාවේ කොටස් විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි

ඛනිජ තෙල් සංස්ථාවේ කොටස් විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසයි.

එම සංස්ථාවේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ අද උදෑසන 7 සිට සිය උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

අද වෙනකොට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් හොඳින් ලාභ ලබනවා. මෙහෙම තියෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම හේතුවක් තැතුව ඒ සංස්ථාවට අයිති ඉන්ධන පිරවුම්හල් 600කට අධික ප්‍රමාණයක් පිටරට සමාගම්වලට පවරලා දෙන්න යනවා. මේ ගනුදෙනුව තමයි මේ අවුරුද්දේ වෙන්න යන විශාලතම දූෂිත, නින්දිතම තුප්පැහිම ගනුදෙනුව. මොකද මේ ගනුදෙනුවෙන් කිසිම ඩොලරයක් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. අපිට ආරංචි ළඟදිම මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යනවා කියලා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ ජාතීද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න අපි තෙල් සංස්ථාව වෘත්තීය සමිති අද උදෑසන සිට උපවාසයකින් මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි සියලුම ඛනිජ තෙල් සේවකයින්ට ආරාධනා කරනවා පක්ෂ භේද, වෘත්තීය සමිති භේදයකින් තොරව අපේ තෙල් සංස්ථාව බේරගෙන අපේ රැකියා ටික සුරක්ෂිත කරගැනීමේ සටනට එකතුවෙන්න කියලා.