28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගලි වළකට වැටුණු නගර සභා සේවකයන් දෙදෙනා ජීවිතක්ෂයට

ගලි වළකට වැටුණු නගර සභා සේවකයන් දෙදෙනා ජීවිතක්ෂයට

ගලි වලක අලුත් වැඩියා කටයුත්තක් සිදුකරමින් සිටි කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු එම ගලි වල තුලට වැටි මියයාමේ සිද්දියක් කොටහේන පොලිස් වසමෙන් වර්තාවනවා.

ඔවුන් දෙදනා අද දහවල් හෙට්ටියාවත්ත මංසන්ධියේ මෙම අලුත්වැඩියා කටයුත්තේ නිරතව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ .

මියගිය දෙදනා වයස අවරුදු 28 ක් 38ක් වන කොළඹ 10 සහ 12 පදිංචි කරුවන්.

ඔවුන් අද නඩත්තු කටයුත්තේ නිරතව සිටියදී එක් පුද්ගලයෙකු ගලි වල තුළට වැටි ඇති අතර පසුව ඔහු බේරාගැනීමට අනෙක් පුද්ගලයා උත්සහ කිරීමේදී ඔහුද ගලි වල තුළට ඇද වැටී ඇති බව පොලිසිය පැවසුවා.

ප්‍රදේශවාසීන් මැදිහත් වී දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.