― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨා ජනපති කරන්න ගිහින් අපිට වැරදුණා - පවිත්‍රා වන්නිආරච්චි

ගෝඨා ජනපති කරන්න ගිහින් අපිට වැරදුණා – පවිත්‍රා වන්නිආරච්චි

“අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම” යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පොදුජන පෙරමුණු බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේදා කීවාය.

අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම. ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපු එක ගැන. පෝලිම් ටික නැතිවෙලා. විදුලිය කපන්නේ නෑ. බඩු මිල අඩු වෙනවා. අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.