31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනාධිපති මන්දිරයට හා ලේකම් කාර්යාලයට අලුත් තැනක්

ජනාධිපති මන්දිරයට හා ලේකම් කාර්යාලයට අලුත් තැනක්

රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගැනීමට තීරණය කිරීම හේතුවෙන් මෙලෙස නව ජනාධිපති මන්දිරයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට තීරණය වී තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ අක්කර නවයක සකස් කළ ජාතික සඳුන් උයන භූමිය සුදුසු බව පොලිස්පති චන්දන වික්‍රමරත්න ද නිර්දේශ කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත්තේ ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ජාතික සඳුන් උයන භූමියට ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අගමැති කාර්යාලය, අගමැති නිල නිවස ඉදිකිරීමටද තීරණය වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිකිරීමට ඇති හැකියාවද සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත්තේ.