22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

පාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ එම සිසුවා ඊයේ (26) බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක එලෙස ගැටී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉ‌ගෙනුම ලබන මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.