― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුත්තලමේ මන්ත්‍රීවරයෙක් කාතිවරයෙකුට අතපයේ හයිය පෙන්වලා

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් කාතිවරයෙකුට අතපයේ හයිය පෙන්වලා

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් පහර දුන් බවට පවසමින් කාති අධිකරණයේ කාතිවරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) රාත්‍රියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දියණියගේ නිවසේදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසන්නේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් නම් අයෙක් බව සඳහන්.

පුත්තලම කාති අධිකරණයේ කාතිවරයා ලෙස සේවය කළ අය දුෂිතයෙකු බව පවසමින් ඔහුව එම තනතුරින් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

තමන් පත්කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් වන බැවින් ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයේ ඉල්ලීම පිළිගත නොහැකි බව කාතිවරයා පවසා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා මන්ත්‍රීවරයා කාතිවරයාව තම දියණියගේ නිවසට කැදවා ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව පහර මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පුත්තලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.