29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsභාණ්ඩ 100ක ආනයන සීමා ඉවතට?

භාණ්ඩ 100ක ආනයන සීමා ඉවතට?

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ කර්මාන්ත අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසන්නේ ඉදිරි මාස හතරේදී භාණ්ඩ සියයකට අධික ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කෙරෙනු ඇති බවත් එනමුත් වාහන ආනයන සීමා තවදුරටත් එලෙසම පවතිනු ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති නමුත් එම භාණ්ඩ කවරේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

ආනයන සීමා ඉවත් කරන්නැයි ආනයනකරුවන් සිදුකරනු ලැබූ නිරන්තර ඉල්ලීම් සලකා බැලූ නමුත් ලිහිල් කිරීමට අපේක්ෂා කෙරෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් බවත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.