― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමගේ මවට රජයෙන් හිමිවූ නිල නිවස බාරදෙන්න සූදානම්

මගේ මවට රජයෙන් හිමිවූ නිල නිවස බාරදෙන්න සූදානම්

තමාගේ මව වන හේමා ප්‍රේමදාසට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ‘Talk With Sudatta’ යූ ටියුබ් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දෑක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉඳලා නෑ. ඒක ලැබෙන්නන් වාලේ ලැබිලා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප මම ඇත්තටම කියන්න කැමතියි මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ. මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්‍රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.