25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලිමාවේ විරෝධතාවයට ගැසූ කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී නැහැ - පොලිස් මහජන...

මාලිමාවේ විරෝධතාවයට ගැසූ කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී නැහැ – පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට පසුගිය මස 26 වැනිදා එල්ලවූ කඳුළු ගෑස්‌, කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නා.

එම විරෝධතාවයට එක්වූ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ අපේක්ෂක, නිමල් අමරසිරි මහතා කඳුළු ගෑස්‌ ප්‍රහාරයෙන් පසුව අසාධ්‍ය වී ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

ඔහුගේ මියයෑමත් සමග කඳුළු ගෑස්‌ කල් ඉකුත් වී ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගෙනයි මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබදව අධිකරණයට වාර්තාවක් කැඳවනු ලැබුවේ.