26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ අපේක්ෂකයා අතින් ගොවි නියාමකවරිය අවසන් ගමන් යයි

මැතිවරණ අපේක්ෂකයා අතින් ගොවි නියාමකවරිය අවසන් ගමන් යයි

තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (27) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන ගොවි නියාමකවරියක්.

ආර්.එම්. දීපිකා නැමැති මෙම කාන්තාව 30 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ. ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටිය දී මඟ රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

පසු ගියදා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර ඉල්ලා ඇති වූ අරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවට තරග වදින ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනිබේබි’ නමින් හදුන්වනු ලබන 41හැවිරිදි පුද්ගලයෙක් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු තංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.