26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

මෙරට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසහටන අද (27) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිරියේ මෙවර මහ කන්නයේදී ගොවි ජනතාවගෙන් රජය මිලදී ගත් වී තොග, සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාහරින බවයි.

ඒ අනුව එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

මේ යටතේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ සහල් බෙදාහැරීම සිදු කිරීමට නියමිතය.