24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්නපුර නිරිඇල්ලේ දී තරුණියක් අභිරහස් ලෙස ඝා+තනය කෙරේ

රත්නපුර නිරිඇල්ලේ දී තරුණියක් අභිරහස් ලෙස ඝා+තනය කෙරේ

රත්නපුර ප්‍රදේශයේදී තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඥාතීන් පවසන්නේ අද උදෑසන 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට අදාළ තරුණිය නිවසින් පිටව ගොස් ඇති බවය.

පසුව ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමුවී ඇත.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යාපන කටයුතු අවසන් කර උපාධිය ලබා ඇත.

රත්නපුර පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.