31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකා සතොස සේවකයින්ට කෝටි 07ක බෝනස් දීලා

ලංකා සතොස සේවකයින්ට කෝටි 07ක බෝනස් දීලා

ලංකා සතොස ආයතනයේ සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ප්‍රසාද දීමනා ගෙවීමේදී 2003 ජුනි මස දෙවැනි දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 12 හි 6.5 ඡේදය අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දින විගණකාධිපතිට ඉදිරිපත් කර තිබිය යුතු වුවද වසරකුත් මාස හයක් ප්‍රමාද වී ප්‍රකාශන ඉදිරිපත් කර තිබියදී චක්‍රලේඛවලට පටහැනිව මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු වෘත්තිය දීමනාව ප්‍රමාණය ඉක්මවා වැඩිපුර ගෙවා ඇති බවත් එලෙස වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් හය ලක්ෂ තිස් දහසක් බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති. ලංකා සතොස ආයතනයේ උසස් නිලධාරීන් හත් දෙනකු වෙනුවෙන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2018 වර්ෂයේදී පනස් එක් ලක්ෂයක්ද 2019 වර්ෂයේදී නිලධාරීන් නව දෙනෙකු වෙනුවෙන් ලක්ෂ 45 ක්ද ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා ගෙවිය හැකි මාසික දීමනාව පිළිවෙලින් රුපියල් අනූපන් දහසක් සහ අනූ දහසක් වශයෙන් අනුමත කර තිබුණද අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරී සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එක් ලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද ගෙවා තිබූ බව විගණන කාර්යාලය පවසයි.

#lankadeepa