29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව නවීනතම ගුවන් යානයක් පළමු වරට මෙරටට

ලොව නවීනතම ගුවන් යානයක් පළමු වරට මෙරටට

ලොව නවීනතම මගී ගුවන් යානයක් අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවා.

ඒ අනුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 – 10 වර්ගයේ මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.

වසර 53 ක අඛන්ඩ සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවතම ගුවන් යානය සේවයේ යෙදවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට මෙන්ම ආනයන අපනයන වෙළඳාම ශක්තිමත් කිරීමටද විශාල දායකත්වයක් සපයනු ලබයි.

ඇමරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩී්‍රම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතින්ම නිෂ්පාදනය කර ඇති මෙම යානය පුළුල් බඳක් සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.

රෝල්ස් රොයිස් වර්ගයේ එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 36 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 301 කින් සමන්විතයි.