― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින් 57ක් ගාෂියාවේ කඳවුරු අඩස්සියක

ශ්‍රී ලාංකිකයින් 57ක් ගාෂියාවේ කඳවුරු අඩස්සියක

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දියාගෝ ගාෂියානි දූපතේ කඳවුරක වසර එකහමාරක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණයක නියැළී සිටින බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ඒකාබද්ධ කඳවුරක ස්ථාපිත කූඩාරමක මෙම 57 දෙනා ම රඳවා සිටින අතර ඔවුන්ට කූඩාරමෙන් පිටතට නොයන ලෙස තර්ජනය කර ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සියදිවි හානි කර ගන්නට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා සියදිවි හානි කර ගැනීමට තැත් කළ 05 දෙනෙකු රුවන්ඩාවට රැගෙන ගොස් තිබේ.

උද්ඝෝෂණයේ නියැළෙන පිරිසගෙන් දස දෙනෙකු පමණක් ක්ලාන්ත තත්ත්වයකට පත්වූ බවත් කඳවුරේ කිසිවෙකු ඒ ගැන සොයා නොබලන බවත් කඳවුරේ රැඳවූවන් විදෙස් මාධ්‍යයකට පවසා තිබෙනවා. මොවුන් මෙසේ දූපතේ හිර වී ඇත්තේ, මන්නාරම පේසාලේ සිට හොර රහසේ යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරද්දී ය. දින දහයකට පසු අතරමගදී යාත්‍රාව අනතුරකට පත්ව ඇති අතර පසුව ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී තිබෙනවා.

පසුව එහි ස්ථාපිත බ්‍රිතාන්‍ය- අමෙරිකා කඳවුරේ නිලධාරීන් යාත්‍රාව අලුත්වැඩියා කිරීමෙන් පසු මොවුන් මුදා හරින ලෙස දැනුම් දී තිබුණ ද දැනට මාස 8ක කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් කූඩාරමේ රඳවා සිටින බව කියයි.

කෙසේ වෙතත් වරින් වර සිය ඥාතීන් දුරකත්න ඔස්සේ ඇමතීමට මොවුන්ට ඉඩකඩ ලබා දී තිබූ අතර එම අවස්ථාවකදී මොවුන් විදෙස් මාධ්‍යයකට තමන් මෙම කඳවුරේ රඳවා සිටින බව පවසා තිබෙනවා. පසුගිය 19 වනදා සිට කූඩාරම තුළ උද්ඝෝෂණ පවත්වමින් ආහාර ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරන මොවුහු තමන් මුදා හරින ලෙස හෝ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට යවන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවට කිලෝමීටර 2,500ක් පමණ දකුණෙන් මෙම කඳවුර පිහිටා තිබෙනවා. මොවුන් මුදා ගැනීමට බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ අතර අදාළ පිරිස මුදා ගැනීමට අවශ්‍ය මූල්‍ය හා නෛතික ආධාර සපයා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.