― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ - ජී. එල්. පීරිස්

ශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ – ජී. එල්. පීරිස්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගයක් වුවද මැතිවරණ පැවැත්වීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් වීම නිසා එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ඒකාබද්ධ නිවේදනයක් දැනටමත් නිකුත් කර ඇති බවත්ය.

එමෙන්ම ලාභ ලබන රජයේ ආයතන විකුණා දැමීමට දැඩිව විරෝධය දක්වන අතරම එම ආයතන අප රටේ ආර්ථිකයේ ජීවනාලිය වීම නිසා එසේ කරනවා නම් නව ජනමතයක් ලබාගත යුතු බවත් IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් සමාජ ආරක්ෂක දැලක් ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කළේය.

IMF ගිවිසුම සඳහා විපක්ෂයේ සහයෝගය අවශ්‍ය නම් ඒ පිළිබඳව කලින් විපක්ෂය දැනුවත් කර පසු විපක්ෂයේ සහාය ලබාගත යුතු අතර සියල්ල අවසාන වූ පසු විපක්ෂයෙන් සහය ඉල්ලීම අසාධාරණ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගතකිරිම කිසිසේත්ම අනුමත නොකරන අතර එසේ සිදුවුවහොත් වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප අවප්‍රමාණය වීම සහ බැංකු පද්ධතිය කඩා වැටෙන බවත් හෙතෙම සඳහන් කළේය.