26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද පිරිපහදුවේ පුරප්පාඩු 800ක්

සපුගස්කන්ද පිරිපහදුවේ පුරප්පාඩු 800ක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවක පුරප්පාඩු 800 ක් පමණ ඇතත් මෙතෙක් ඊට අදාළ බඳවාගැනීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එම රාජකාරිද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ටම සිදුකිරීමට වී ඇති බව තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැවසීය.

දිගින් දිගටම සංස්ථාවේ සේවකයන්ට අතිකාල ලබාදීම සම්බන්ධයෙන් පාර්ශ්වයන් ගණනාවක් චෝදනා කළත් සංස්ථාවේ සේවකයන් ඉන්ධන පිරිපහදුවේ සේවකයන්ගේ රාජකාරි පවා සිදුකරන බැවින් ඔවුන්ට එම රාජකාරි වෙනුවෙන් දීමනාවක් ගෙවීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම කිසිදු සේවකයෙක් දීමනාවක් නොමැතිව රාජකාරි දෙකක් සිදුකිරීමට කැමැත්තක් නොදක්වන බව අවධාරණය කළ ඔහු කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් ඉන්ධන පිරිපහදුවේ රාජකාරි කිරීමට නොහැකි බව පැවසුවහොත් පිරිපහදුවේ කටයුතු ද අඩාළ විය හැකි බවයි.