26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසියලු රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබා දෙන්න – අගමැති

සියලු රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබා දෙන්න – අගමැති

යලු අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවයි අගමැතිවරයා පවසන්නේ.

මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන්වූයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී.

මෙහිදී රැකියා ලක්ෂය වැඩසටහනට අදාළව පත්වීම් ලබාදීමේදී රැකියාලාභීන්ට ඔවුන් සිටින දිස්ත්‍රික්ක තුළම පත්වීම් ලබාදිය යුතු බවද, ඒ සඳහා නිර්දේශ ලබාදීම වෙනත් පාර්ශ්ව විසින් සිදු නොවිය යුතු බවද කාරක සභාවේ මන්ත්‍රීවරු පැවසීය.

එය අනුමත කළ අගමැතිවරයා අදාළ ප්‍රදේශයේම එම පත්කිරීම් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා.

මෙම කාරක සභාව සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.