26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News11 දෙනෙකු පැහැරගෙනගොස් ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුගේ ඇප කොන්දේසි ලිහිල් කරන...

11 දෙනෙකු පැහැරගෙනගොස් ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුගේ ඇප කොන්දේසි ලිහිල් කරන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චිට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 10 විත්තිකරු ලෙස නම්කර ඇත්තේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චියි.

ඊට අදාළ නඩුව අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවනු ලැබුවා.

අධි චෝදනා 667ක් යටතේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස මෙලෙස අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබු නමුත් එම විත්තිකරු වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙක් බැවින් ඇප කොන්දේසි ලිහිල් නොකරන බව අධිකරණය අද දැනුම් දුන්නා.