27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅභිරහස් ලෙස මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (27) සොයා ගත්තා.

මෙම තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරව මේ වනවිට රත්නපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා. ඊයේ (27) උදෑසන මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි තරුණියක්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ මැය රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිටි බවයි තොරතුරු වාර්තා වුණේ. මෙම තරුණිය ඊයේ උදෑසන රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර අනතුරුව ඇය පිළිබඳව තොරතුරක් නොලැබීම නිසා ඒ පිළිබඳව පොලිසිය දැනුවත්කර සොයා බැලීමටයි පවුලේ ඥාතීන් කටයුතු කර ඇත්තේ.

එලෙස සිදුකළ සෝදිසි කිරීම්වලදී ඇගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඇළ මාර්ගයක තිබියදී මෙලෙස සොයා ගැනුණා.