ඉදිරියේදී භාණ්ඩ රැසක මිල ගණන් අඩුවන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
වැලිමඩ ප්‍රදේශයේ අද (28) පැවති විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පූර්ණ අනුමැතියක් යටතේ මෙම බිත්තර ආනයනය කර ඇති බවයි.
ඒ අනුව ආනයනය කරන ලද බිත්තර පරීක්ෂා කර බලා එම තොග නිදහස් කිරීමේ ප්‍රමාදයක් පවතින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.