23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉල්ලා අස්වීමේ ලිපියට ජනක රත්නායකගෙන් පිළිතුරු

ඉල්ලා අස්වීමේ ලිපියට ජනක රත්නායකගෙන් පිළිතුරු

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක පවසයි.

එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ හෙතෙම කියා සිටියේ තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබූ අතර දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමටද කටයුතු කළේය.

කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.