27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල 50%කින් පහළට

එලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල 50%කින් පහළට

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

වී හා බඩඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිළි කරනු ලැබීය.

එම කාරණය සැළකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දුන්නේය.

මෙම හේතුව නිසා අද දින වන විට වෙළෙද පොලේ මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් තිබේ.