― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතවත් වසර දොළහකට ජනපති රනිල්ටම රට භාර දෙන්න - වජිර

තවත් වසර දොළහකට ජනපති රනිල්ටම රට භාර දෙන්න – වජිර

තවත් වසර දොළහකට මේ රට ජනපති රනිල්ටම භාර දුන්නොත් විදේශිකයෝත් රස්සා සොයා ලංකාවට එන තත්ත්වයක් උදා වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අන්ත්‍රීවරයා කියා සිටියේ රටේ පාලනය තවත් වසර දොළහක කාලයක් සදහා ජනපති රනිල්ටම භාර දෙන්නේ නම් මේ රට, රට හැර ගිය තරුණයන්ට නැවත දිවයිනට පැමිණෙන රටක් බවත් ඊටත් එහා ගොස් ලෝකයේ වෙසෙන රැකියා විරහිත තරුණයන් රැකියා සොයා එන රටක් බවටත් මේ රට පත් වනු ඇති බවත්ය.

එවැනි සුඛිතමුදිත තත්ත්වයක් උදාවීමට නම් බාධා කිරීමකින් තොරව ජනාධිපතිවරයාට පාලනය ගෙන යාමේ වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.