25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශබන්දුට එරෙහිව පනවා ඇති තහනම් නියෝගය දීර්ඝ කෙරේ

දේශබන්දුට එරෙහිව පනවා ඇති තහනම් නියෝගය දීර්ඝ කෙරේ

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික නඩුවක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන මැයි මස 19 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම පුද්ගලික පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය මෙම නියෝගය සිදුකරනු ලැබුවා