27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ රිය අනතුර

පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ රිය අනතුර

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ ඊයේ (27) රාත්‍රියේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේදී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී එම දිශාවටම ගමන් ගත් වෑන් රථයක් ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි සුංගාවිල, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

අනතුර සිදුකළ වෑන් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.