32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු මහ මොළකරුට අනුබල දුන් ව්‍යාපාරිකයෙක්ට දින 90ක රැඳවුම් නියෝග

පාස්කු මහ මොළකරුට අනුබල දුන් ව්‍යාපාරිකයෙක්ට දින 90ක රැඳවුම් නියෝග

පාස්කු බෝම්බ මහ මොළකරු වන සහරාන් හෂීම්ට ආධාර අනුබල ලබාදුන් බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

පසුගිය 21 වැනිදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ. එස්. අබ්දුල්ලා වන මොහු තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගෙන් අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බවයි පැවසෙන්නේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මෙලෙස දින 90ක රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත්තේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි.