26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදියක් ලොරියක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් ලොරියක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයේදි ලොරි රථයක, යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අනතුරෙන් මියගොස් තිබෙන්නේ ප්‍රදීප් කුමාර අල්විස් (30) නැමැති වීරපිටිය මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු හැටන් දෙස සිට ගිනිගත්හේන දක්වා යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී විරුද්ධ දෙසින් කුලියාපිටියේ සිට හැටන් දක්වා රා ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයට අධික වැසි පතිත වී තිබූ බැවින් යතුරුපැදිය ලිස්සා ගොස් යතුරුපැදිකරු ලොරි රථයේ පසුපස රෝදයට යට වන්නට ඇති බවට වටවල පොලිසිය සැකකරනවා.

මේ වනවිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.