මේ වසර අවසන් වනවිට ශ්රී ලංකාව ලෝකයේ අඩුම උද්ධමනය පවතින රට බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රුවන් විජේවර්ධන පවසයි.
මීට මාස කිහිපයකට පෙර ශ්රී ලංකාව අධි උද්ධමනය හේතුවෙන් රටවල් ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත් විය.
නමුත් දැන් එය 20 වැනි ස්ථානය දක්වා පහළට පැමිණ තිබෙනවා. වසර අවසන් වන විට දැවැන්ත මිල අඩු කිරීම් සිදුවනු ඇත.
ඒ හරහා ලෝකයේ උද්ධමනය අඩුම රට බවට ශ්රී ලංකාව පත්වන බවයි ඔහු පැවසුවේ.