29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට අද (28) සිදු වුණා.

අද පෙරවරුවේ සිට ක්‍රයිස්චර්ච් හි තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු බවයි වාර්තා වුණේ. ඒ අනුව තරගයේ කිසිඳු පන්දුවක් නොයවාම තරගය අත්හැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් නවසීලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටිනවා. මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජයගැනීම අනිවාර්යව තිබුණා.