― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසංචාරකයින්ට තොරතුරු කියන්න අලුත් ඇප් එකක්

සංචාරකයින්ට තොරතුරු කියන්න අලුත් ඇප් එකක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙරට තුළ නව සංචාරක කේන්ද්‍රස්ථාන, සහනදායි ගාස්තු, ප්‍රවාහන පහසුකම්, හෝටල් පහසුකම් ඇතුළු සම්පූර්ණ තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් ළඟදීම එළිදක්වන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

මෙරට තුළ හඳුනාගෙන ඇති සංචාරක කලාප 16 ක් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ ඔස්සේ සංචාරක කලාපවලට අදාළ නිශ්චිත කරුණු දැක්වීමටත් නියමිතයි.

මේ අතර ප්‍රමාද වී ඇති ඉඩම් හිමිකම් ඔප්පු ඉක්මනින් ලබාදීම සඳහා ඉඩම් අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (22) පාර්ලිමේන්තුවේ දී පැවැති සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම කමිටුව පත් කෙරුණා.

බෙදා දෙන ලද ඉඩම් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් හිමිකම් ඔප්පු ලබා දීම ප්‍රමාද වන බව මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණා. මෙතෙක් නිකුත් කර නොමැති එම ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බවත් බෙදාහැර අවසන් කරන ලද ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි දිනකදී මෙම කමිටුව රැස්වී තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

උතුරේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උතුරු පළාත නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් කැඳවන ලෙසද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබුණා. මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙල්වම් අඩෛක්කලනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.