26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

එම පැමිණිලි අද (28) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද අධිකරණයේ පෙනී සිටියා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවයි.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අදාළ පැමිණිලි ජුනි මස 27 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය දින නියම කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඉකුත් අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබෙනවා.