― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසාම්පූර්හි සුර්ය විදුලි බලාගාරයක් පිහිටුවීමට අනුමැතිය

සාම්පූර්හි සුර්ය විදුලි බලාගාරයක් පිහිටුවීමට අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ තිබේ.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 40ක දිගකින් යුත් කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිතය.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත බව සඳහන් වේ.

ව්‍යාපෘතියෙහි අදියර 02කදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ අයෝජනයක් යටතේ අතිරේක මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතය.

එසේම, එම අදියර 02 යටතේ ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.