― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් අතර පැතිර යන වෛරස් රෝග තත්ත්වයක්

ළමුන් අතර පැතිර යන වෛරස් රෝග තත්ත්වයක්

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා එහිදී අවධාරණය කළේය.

මේ දිනවල ළමුන් අතර වෛරස් උණක් පැතිරුණා. මේකේ රෝග ලක්ෂණ විදියට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ සමහර අයට බඩඑළිය යෑම වගේ රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. සමහර අයට ඉන්ෆ්ලුවන්සා රෝගය පොසිටිව් වුණා. සමහර අයට පොසිටිව් වුණේ නෑ. හැබැයි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තිබුණා. පසුකාලීනව දිගටම පවතින කැස්සක් ළමයි අතර පවතිනවා. ඒ නිසා මේ දවස්වල උණ තියෙනවා නම් කැස්ස, හෙම්බිරිසාව සමඟ ඉන්ෆ්ලුවන්සා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඇස්වලින් කබ ගලනවා වෛරස් උණක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට, මොන්ටිසෝරිවලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා.

කැස්ස කාලයක් තියෙනවා නම් ළමා හතියේ වැඩිවීමක් ද ? වෛරස් එකය පසුකාලීනව ඇති වුණ කැස්සක් ද කියලා හොයලා බලන්න. ඊට අමතරව කාලයක් කැස්ස තියෙනවා නම්, එවැනි කැස්ස තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ක්ෂය රෝගය ගැන කල්පනාකාරී වෙන්න. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දවස්වල දින තුනකට වඩා උණ තියෙනවා නම් ඉන්ෆ්ලුවන්සා හෝ ඊට සමාන වෛරස් උණක් එන්න පුළුවන්. එයට අප කළ යුත්තේ පැරසිටිමෝල් මාත්‍රාව අරගන්න. විවේකය ලබාදෙන්න. ගෙදරට වෙලා ඉන්න. දියර වර්ග ලබාදෙන්න. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගී පරීක්ෂාව සිදුකරන්න. හුස්ම ගැනීමට අපහසු නම් රෝහල්ගත වෙන්න. මාස්ක් පාවිච්චි කරන්න.