30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් සැමියාට නිරුවත් ඡායාරූප යැවූ බිරිඳ මරන්න සිටි සැමියා අත්අඩංගුවට

අනියම් සැමියාට නිරුවත් ඡායාරූප යැවූ බිරිඳ මරන්න සිටි සැමියා අත්අඩංගුවට

WhatsApp තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බව කියන බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටි පුද්ගලයකු කඩුවක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන පුද්ගලයකුට ඇයගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථන ඔස්සේ යවා ඇති බවට සැකකරුට නිරීක්ෂණය වී දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබී ඇති බවටයි පරීක්ෂණ සිදු කරන පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි සැකකරු ඊයේ (28) පස්වරුවේ බිරිඳගේ නිවසට ගොස් ජනෙල් වීදුරු කඩා හානිකර ඇය ඝාතනය කිරීමේ අරමුණින් තියුණු කඩුවක් රැගෙන සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන මුළුතැන්ගෙයි සඟවා තිබූ අඩි දෙක හමාරක් පමණ දිගැති කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.