31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් නඩුවෙන් සජින් වාස් නිදහස්

අල්ලස් නඩුවෙන් සජින් වාස් නිදහස්

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙම තීන්දුව ලබා දුන්නා.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.