32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිකිරීම් ක්ෂේත්‍රය නංවන්න සාගල පෙරමුණ ගනී

ඉදිකිරීම් ක්ෂේත්‍රය නංවන්න සාගල පෙරමුණ ගනී

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී යි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය ගැටලු සහ ඒ පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බලා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති සියලු ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබුවා.