― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්ධන මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න නෑ - බේකරි...

ඉන්ධන මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න නෑ – බේකරි හිමියන්ගේ සංගමය

ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැති ව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව ඔහු පැවසීය.