― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
Homeweatherපළාත් රැසකට අද පස්වරුවේ වැසි

පළාත් රැසකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මඟින් ආරක්ෂා වන ලෙසටද ඔවුන් දැනුම් දෙනවා.