― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිලියන 54ක ගංජා තොගයක් නාවික හමුදා බාරයට

මිලියන 54ක ගංජා තොගයක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් අග්බෝ නෞකාව මඟින් මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදීයි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ.

එම වෙරළ තීරයේ සඟවා තිබූ සැක කටයුතු උර 08ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී පාර්සල් 71ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 150 ග්‍රෑම් 390ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක පාර්සල් 07ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 ග්‍රෑම් 05 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සහ මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.