28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීමට තවත් සහායක්

මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීමට තවත් සහායක්

ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති  ෂික්සින් චෙන් (Shixin Chen) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය දිනවල දී පිලිපීනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී දැනට ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලට අමතරව ඉදිරි වසර කිහිපය සඳහා මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීමට සහ අනෙකුත් සෞඛ්‍ය අංශයන්හි අවශ්‍යතාවය සඳහා ආධාර ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.

දීර්ඝ ලෙස පැවති එම සාකච්ඡා වලින් පසු මෙරට නියෝජිතයින්ගේ එම ඉල්ලීමට ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිතුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර ඔවුන් විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීම සඳහා හැකි ඉහළ සහයෝගයන් ලබා දීමට කටයුතු කරන මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

මෙම සාකච්ඡා වටය සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ.