30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරක්ෂණ සේවිකාවන් තිදෙනෙකුට අඩත්තේට්ටම් කරලා

රක්ෂණ සේවිකාවන් තිදෙනෙකුට අඩත්තේට්ටම් කරලා

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (28) ඔවුන් දෙදෙනා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.