26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගේ නිර්දේශයෙන් ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන්නා

රනිල්ගේ නිර්දේශයෙන් ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන්නා

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අමාත්‍යාංශය මෙම සූත්‍රය ඉදිරියේදීද ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයන ලාභ අලාභය සමඟ ඉන්ධන සඳහා අය කරන සැබෑ බදු ප්‍රමාණය ගණනය කර මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා නව සූත්‍රයක් හඳුන්වා දී තිබේ.

පසුගිය පාලන සමයේ එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මගපෙන්වීම යටතේ ඉන්ධන මිල සූත්‍රය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ පළමු සූත්‍රය මෙයයි.